සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
ගනේගංගොඩ පුරාණ රජමහා විහාරයේ ධර්ම ශාලාවේදි 1961 දෙසැම්බර් මස සිසුන් 15 කින් යුක්තව ආරම්භ වූ අතර එවකට විදුහල්පතිනිය ලෙස පී.එච්.නිමලාවතී මහත්මිය විය.ප්‍රදේශයේ ඉඩම් හිමියෙකු වන සෑම් ඇලපාත මහතා පරිත්‍යාග කළ අක්කර 03 ක කැකුලගොඩ ඉඩමේ දැනට මෙම පාසල පවත්වාගෙන යයි.පොල් අටු සෙවිලි කළ එක් ගොඩනැගිල්ලක්, ගුරුවරු ගුරුවරියන් තිදෙනෙක් හා ළමුන් 80 එවකට අධ්‍යාපනය ලබන ලදී.
1971 දී රජයට පවරා ගන්න ලදී.රජයට පවරා ගන්න විට විදුහල්පති ලෙස හේමාලෝක මහතා කටයුතු කළේය.පසුව 1972 දී රජය මගින් 8 0*20 ගොඩනැගිල්ලක්ද , ගම්වාසීන් විසින් 40*20 ගොඩනැගිල්ලක් ද, විජිත ස්ටෝර්ස් අධිපතිතුමා විසින් 80*20 ගොඩනැගිල්ලක්ද සාදා දෙන ලදී.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 19 ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 2 කින් සමන්විතය. 229 පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "2024 දී ප්‍රදේශයේ අභිමානවත් පාසලක් වීම " යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2024 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.