විදුහල්පති පණිවිඩය
ර/නිවී/යක්දෙහිවත්ත විද්‍යාලය
අපගේ පාසලේ නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගන්නා අතර ර/නිවී/යක්දෙහිවත්ත විද්‍යාලයේ විදුහල්පති ලෙස මෙලෙස වෙබ් අඩවියක් එළි දැක්වීමට ලැබීම මහත් ආඩම්බරයකි.පාසලේ අභිවෘද්ධිය උදෙසා මෙලෙස වෙබ් අඩවියක් නිර්මාණය ඉතාමත් අගය කොට දක්වමි.පාසලේ ඉතිහාසය.අනන්‍යතාවය ,පාසල් පැතිකඩ , ජයග්‍රහණ ආදී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ තොරතුරු මෙහි අන්තර ගත කර ඇති අතර එමගින් අප පාසල පිලිබඳ අවබෝධයක් ලබා ගත හැකිය.වසර 60 ක් පමණ ඉතිහාසයක් තුළ අප පාසල සපුරාගෙන ඇති ඉලක්ක ඉමහත්ය .විෂයමාලා කලමානකරණය කරමින් විෂය සමගාමී හා විෂය භාහිර ක්ෂේත්‍ර ආවරණය කරමින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ලබා ඇති ජයග්‍රහණ විශාල ප්‍රමාණයකි.පාසලේ සිසුන් සම්බන්ධ වී මෙලෙස වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට දායක වූ ගුරු මණ්ඩලයටත් , ''සයිබර් ලොවට පියාපත් '' වැඩසටහනටත් මාගේ අවංක ස්තුතිය පුද කරමි.
විදුහල්පති,
ර/නිවී/යක්දෙහිවත්ත විද්‍යාලය